හෙදියගේ ආදර ඇමට හසුවූ මහනුවර විශේෂඥ වෛද්‍යවරයා ලක්ෂ 65 ක කප්පමක් ගෙවලා

Sansaraya.lk
0
doctor kandy

 මහනුවර ප්‍රධාන වෛද්‍ය මධ්‍යස්ථානයක පෞද්ගලික සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරයෙකුට තර්ජනය කර රුපියල් ලක්ෂ 60කට අධික මුදලක් කප්පම් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හෙදියක සහ ඇයගේ සැමියා අත්අඩංගුවට පත්ව තිබේ. මෙම සැකකාරිය ද අදාළ වෛද්‍ය මධ්‍යස්ථානයේම සේවය කළ හිටපු හෙදියක් බවට පොලිසිය විසින් හඳුනාගෙන ඇත.

පොලිස් විමර්ශනවලට අනුව අනාවරණය වී ඇත්තේ 24 හැවිරිදි මෙම හෙදිය සහ වින්දිත විශේෂඥ වෛද්‍යවරයා අතර කලක පටන් ඉතා සමීප සබඳතාවක් පැවතී ඇති බවයි. පසුව ඇය සිය රැකියාවෙන් ඉවත් වී විවාහ වීමෙන් අනතුරුව මැදමහනුවර ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇති අතර, ඉන් පසුව තම සැමියා ද සම්බන්ධ කරගනිමින් මෙම කප්පම් ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.


අදාළ වෛද්‍යවරයා සමඟ ගත කළ සමීප අවස්ථාවන්හි ඡායාරූප තමන් සතුව ඇති බව පවසමින් සැකකාරිය සහ ඇයගේ සැමියා විසින් වෛද්‍යවරයාට තර්ජනය කර අවස්ථා කිහිපයකදීම මෙලෙස මුදල් ලබාගෙන ඇත. දිගින් දිගටම සිදුවන මෙම තර්ජනය කිරීම් හමුවේ දැඩි කම්පනයට පත් වූ වෛද්‍යවරයා මේ සම්බන්ධයෙන් තෙල්දෙණිය ප්‍රාදේශීය ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබිණි. එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ එම කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකාර යුවළ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූහ.

Tags

Post a Comment

0 Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Out
Accept !
To Top