සිසුන් පහක් රෝහල් ගත කෙරූ එප්පාවල පාසලක සිදුවූ පිහි ප්‍රහාරය [පින්තූර සහිතයි]

Sansaraya.lk
0
එප්පාවල ප්‍රහාරය

 එප්පාවල නගරයේ පිහිටි ප්‍රධාන රජයේ පාසලක උසස් පෙළ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් ඉලක්ක කරගනිමින් එම පාසලේම තවත් සිසුවෙකු විසින් අද උදෑසන සිදුකළ තියුණු ආයුධ ප්‍රහාරයකින් සිසුන් පස්දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම අනපේක්ෂිත ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් පිරිස කඩිනමින් එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර ඔවුන් එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවේ.

මෙලෙස ප්‍රහාරයට ලක්ව රෝහල්ගත කර ඇත්තේ අදාළ පාසලේ 12 වැනි ශ්‍රේණියේ උසස් පෙළ තාක්ෂණ අංශයේ ඉගෙනුම ලබන සිසුන් පස්දෙනෙකි. පොලිස් විමර්ශනවලට අනුව මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ එම පාසලේම 12 වැනි ශ්‍රේණියේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන සිසුවෙකු බවට හඳුනාගෙන ඇති අතර සැකකාර සිසුවා සහ තුවාල ලැබූ එක් සිසුවෙකු අතර මීට දින කිහිපයකට පෙර ඇති වූ ආරවුලක් මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවට මුල් වී තිබේ.


පෙර පැවති අමනාපය මත පළිගැනීමේ චේතනාවෙන් අද උදෑසන අදාළ සිසුවා තියුණු ආයුධයක් ද රැගෙන පාසල් පරිශ්‍රයට පැමිණ ඇති අතර එහිදී ඔහු එක් සිසුවෙකුට පහරදීමට උත්සාහ කර ඇත. එම අවස්ථාවේදී අදාළ ප්‍රහාරය වැළැක්වීමට සහ තම මිතුරා බේරාගැනීමට මැදිහත් වූ සෙසු සිසුන් සිව්දෙනාට ද සැකකාර සිසුවා විසින් තියුණු ආයුධයෙන් පහර දී තුවාල සිදු කර ඇති බව වාර්තා වේ.


සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ එප්පාවල පොලිසිය ප්‍රහාරයට යොදාගත් කුඩා පිහිය ද සමඟ සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතය. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ තුවාල ලැබූ සිසුන් පස්දෙනාගේම තත්ත්වය බරපතළ නොවන බවත් ඔවුන් මේ වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවත්ය. එප්පාවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

eppawala school attack 1

eppawala school attack 2

eppawala school attack 3
Tags

Post a Comment

0 Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Out
Accept !
To Top